Total Pageviews

Wednesday, July 1, 2015


How to  do a  make up  using photoshop....





ජුලියන් පෝල් ඇසෙන්ජ් සහ විකිලීක්ස්........





තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස, ප‍්‍රකාශනයේ අයිතිය, මෙකී සියලූ අයිතිවාසිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතීන් වේ.  කෙසේ වෙතත් විකිලික්නැ වෙබ් අඩවිය තුළින් මේ සියලූ අයිතීන් පිළිබද ලොවටම උපදෙස් දෙන ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දෙබිඩි ස්වරූපය ලොවට හෙලි වී අවසන් ය. ලොව කුඩා රටවල සිදුකරන සුලූ වැරැද්දක් වුව මහ ඉහළින් නඩු විභාගයට ලක් කරන ඇමෙරිකාව සිදුකර ඇති අමානුෂික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබ`ද නෛතික පියවර ගතහොත් ඇමරිකාවට සදාකල් සිර දඩුවම් විදීමට සිදු වනු ඇත. එනම් එම අපරාධ ඉතාම දරුණු මෙන් ම බරපතල බැවිණි. ලෝකයේ බලවතාගේ වැරදි පිළිබ`ද හඩගා ප‍්‍රශ්න කරන්නට කුඩා රටවල් ඉදිරිපත් නොවන්නේ ප‍්‍රබලයා හමුවේ දුබලයා යටත් බවට ඩාවින්ගේ දැක්ම යථාර්ථයක් කරමිනි.

මෙවැනි වාතාවරණයක තම පෞද්ගලික වාසිය තකා කටයුතු කරන බහුතරයක් වෙසෙන වත්මන් සමාජයක  ජුලියන් ඇසෙන්ජ් වැන්නවුන් පොදු සමාජ යහපත උදෙසා කළ මෙහෙවර අගය කළ යුතු ය. එනම් විකිලික්ස් වෙබ් අඩවිය හරහා ලොවට බණ දෙසන අමෙරිකාවේ යථාර්ථය මනාව හෙළි වූවා පමණක් නොව ලොව අනෙක් රටවලට බලපෑම් කරමින් එම රටවල රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවලියට අතපෙවීමට ඔත්තු බලමින් සිටින සුද්දවන්ත ලෝක බලවතාගේ නිරුවත ලොවට හෙළි විය. මේ අනුව ලෝකයේ සියලූ රටවල විකිලීක්ස් වැනි වෙබ් අඩවි නිර්මාණය වුවහොත් රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් සටකපටකම් කරන්නවුන්ගේ සැබෑ ස්වරූපය ලොවට දැකගත හැකි වේ. වික්ලීක්ස් පූර්වාදර්ශය කරගනිමින් හෙට දවසේ මෙවැනි උයසිඑකැ ඊකදඅසබට වෙබ් අඩව් අලූත් රැල්ලක් වශයෙන් ඉස්මතු වීමට විශාල ඉඩ කඩක් පවතින බව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයෝ පවති.

 මේ අනුව ඉහත දැක් වූ පරිදි මෙන් ආණ්ඩුවලට , දේශපාලන පැළැන්තියට සහ පොදුවේ පාලක පන්තියට මුහුණ දීමට සිදුවන බරපතල අභියෝගයක් විය හැකිය. පුවත්පතක කතුවරයෙකු ඝාතනය කිරීමක් හෝ රූපවාහිනී හෝ ගුවන් විදුලි විකාශනාගාරයක් විනාශ කරන්නාක් මෙන් සයිබර් අවකාශයේ තොරතුරු ගලනය පාලනය කළ නො හැකිය.  එබැවින් විකිලීක්ස් වැනි වෙබ් අඩවි රාජ්‍යයන් කරා ව්‍යාප්ත වුවහොත් එය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියේ අද්විතීය විජයග‍්‍රහණයක් වනු නො අනුමානය. එමෙන් ම එය එමෙන් ම එය ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමක් මෙන්ම ප‍්‍රකාශනයේ නිදහසට ද මනා දායකත්වයක් සපයනු ඇත. ජුලියන් ඇසෙන්ජ් ලිංගික අපයෝජන චෝජනා මත අත්අඩංගුවට ගත්ත ද සැබෑව නම් ඇමෙරිකාවේ නිරුවත ලොවට හෙළි කළ ඇසෙන්ජ්ගෙන් පළි ගැනීමට ගත් කි‍්‍රයාමාර්ගයක් බව බැලූ බැල්මට තේරුම් ගැනීම අපහසු නොවේ. මේ පිළිබද ස්වීඩන් රජය දක්වන්නේ රහස් හෙළි දරව් කිරීම් හෝ අත්තඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. නමුත් ඇමරිකානු තානාපති රහස් එළිකළ නොබෝ කළකින් ඔහු පසුපස ලෝක පොලිසිය ලූහු බදින්නට විය.


 ලෝකයේ මානව හිමිකම් පිළිබද බොහෝ පුරසාරම් දොඩන ඇමරිකාව හෝ බි‍්‍රතාන්‍යයට ඇසෙන්ජේගේ මානව හිමිකම් පිළිබද නිකමට හෝ මතක් නොවුණේ ඔහු අපරාධකරුවෙකු සේ ඇමරිකාව දුටුව නිසා ද? සැබැවින්ම ඇසෙන්ජ් අපරාධකරුවෙක් ද එසේත් නැතිනම් සැබෑව ලොවට නිර්භයව හෙළිකළ වීරයෙක් ද? ඇමෙරිකාවට ,බි‍්‍රතාන්‍යයට  ඔහු දරුණු අපරාධකරුවෙකි. එහෙත් රුසියාවට, බ‍්‍රසීලය වැනි රටවලට ඔහු වීරයෙකි. අන්තර්ජාලයට මුදාහැරීමට ප‍්‍රථම වෙනත් රටවල රහස් ඇසෙන්ජ් විසින් ඇමරිකාවට ලබා දුනි නම් ඇමරිකාව විසින් ඇසෙන්ජ් ලෝක පූජිතයෙකු ලෙස නම් කරනු ඇත. නමුත් තමන්ගේ ව්‍යාජ වෙස් මුහුණ ගැලවීම නිසා ඇමරිකාවට ඇසෙන්ජ් බින්ලාඩන්ට වඩා දරුණු අපරාධකරුවෙකු විය. මෙතෙක් හෙළි නොකළ රහස් හෙළි කිරීමේ පිපාසයෙන් පෙළෙන විකිලින්ස් වෙබ් අඩවිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවහිර කළේ ලොවට හෙළි වන තම නිරුවත තුළින් පත්වන ලැජ්ජාව නිසා නොවේ ද?


කෙසේ වෙතත් ජුලියන් ඇසෙන්ජ්ගේ පෞද්ගලික චර්යාව පිළිබ`ද නොව පොදුවේ ඔහු ලොවට කළ මෙහෙවර විශිෂ්ටය. ඔහු එළිකළ සත්‍ය ලොවට ප‍්‍රසිද්ධ රහසක් පැවතියත් ඔහුගේ රහස් හෙළි දරව් තුළින් ලෝක බලවතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද දෙබිඩි ස්වරූපය සාක්ෂි සහිතව ඔප්පු කළේ ඇසෙන්ජ විසිනි.එබැවින්ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සමාජයක් නම් ඔහු සැබෑ වීරයෙකු ලෙස හැදින්වීමෙහිලා වරදක් නැත.ඔහු පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයෙකු නොව පොදු සමාජය වෙනුවෙන් අරගල කළඅයෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ හැටියට සලකනු ලබන  එක්සත් ජනපදය ඒ කියනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පවත්වාගෙන යෑම කරනු ලබන්නේ දෙබිඩි ස්වරූපයකිනි.විකිලීකස් අනාවරණයෙන් පෙනී යන්නේ එක්සත් ජනපදය ප‍්‍රසිද්ධියේ අතට අත දී අප‍්‍රසිද්ධියේ ගෙල මිරිකන හැටි  ලෝකයාට තේරුම් ගත හැකිය. එසේ ගත් කළ විකිලීක්ස් අනාවරණයනක් ලොකුම අනාවරණය කර ඇත්තේ එක්සත් ජනපදයේ දෙබිඩි පිළිවෙත ගැන නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී බැටළුවාගේ වේෂයෙන් පෙනී සිටින වධකයා ගැන ය.


යළිදු පෙරදා

හදින් ගොළු විය

අමාවක මග

කටොළු බොහො විය.......

පයක් තබනට දිරි

නොලැබු දින

හිරුද අහිමිය

මගේ ලොවටම........
ආගම හා අන්තර් සංස්කෘතිය ....


ලෝකවාසී සියලූ දෙනා කුමන හෝ ආගමක කොටස් කරුවෝ වෙති. මෙය නිත්‍ය ලෙස සමාජගත නොවූ පරිසරයක පවා දක්නට ලැබේ.  ඒ අනුව මිනිසා ලොව පහළ වූදා පටන් තම ආධ්‍යාත්මික දියුණුව පතා විවිධ ඇදහීම් වල නිරත විය. උදාහරණ ලෙස ගස් ගල් වන්දනාව , ඉර හඳ වන්දනාව ලිංග වන්දනාව, සත්ව වන්දනාව ආදී නොපෙනෙන බලවේගයන් ගෞරව භක්තියෙන් වන්දනාමාන කරන ලදි. මේ අනුව බෞද්ධ , හින්දු , කි‍්‍රස්තියානි, ජෛන ආගම , මුස්ලිම් හා කතෝලික ආදී  විවිධ ආගම් ලොව බිහිවූ අතර  ඒ ඒ ආගමට ආවේණික දර්ශනයන් ඇදහීමට  මිනිසා පෙළඹුණි .
මෙම එක් එක් ආගම් වල ලෝකයේ බිහිවීම පිළිබඳ විවිධ මත දක්වා ඇත. බුදුදහමට අනුව ලෝකයේ බිහිවීම පිළිබඳ  අග්ගඤ සූත‍්‍රයේ දක්වා ඇත. හින්දු ආගමට අනුව ලෝකය නිර්මාණය කළේ මහාබ‍්‍රහ්මයා විසින.ි කිතුණු දහමට අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කර ඇත. එමෙන්ම විවිධ ආගම් තුළ කර්මය පිළිබඳ ද විවිධ මතවාද දක්නට ලැබේ. බෞද්ධයින් හා හින්දු ආගමිකයන් පුනර්භවය පිළිබඳ විශ්වාස කරන අතර මුස්ලිම් හා කතෝලිකයින් පුනරුත්ථානය පිළිබඳ විශ්වාස කරයි. එමෙන්ම ආගම තුළ අන්තර් සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන තවත් ප‍්‍රධාන සාධකයක් නම් ආගමික උත්සවයන්ය. ඒ අනුව බෞද්ධයෝ සම්බුද්ධ උපත , බුද්ධත්වය හා පරිනිර්වාණය මුල් කරගනිමින් වෙසක් උත්සවය පවත්වති. හින්දු ආගමිකයෝ දීපවාලී උත්සවය ආලෝක පූජාවක් ලෙස  පවත්වති . එමෙන්ම මුස්ලිම් භක්තිකයින් රාමසාන් උළෙල ආගමානුකූලව පවත්වති. කි‍්‍රස්තූන් නත්තල් උළෙල ජේසුතුමාගේ උපත මුල් කර ගනිමින් පවත්වති. එමෙන්ම අලුත් සහල් මංගල්‍යය ,කාර්තික් මංගල්‍යය, පෙරහැර පැවැත්වීම විවිධ ආගමිකයින්ගේ එකමුතුවෙන් පවත්වති. මේ සියල්ල තුළ අන්තර් ආගමික සංස්කෘතික සබඳතා රැුසක් දැකගත  හැකිය.
එමෙන්ම විවිධ ඇදහිලි හා විශ්වාස තුළින් පෙනෙන්නේ ද අන්තර් සංස්කෘතික  සබඳතාවයන්ය.  බුදු දහමට අනුව ලෝක සත්වයින්ගේ හිත සුව පිණිස දස පාරමිතා පුරා බුදු රජාණන් වහන්සේ සියලූ සත්වයින් දුකින් මුදවා ගැනීමේ  අරමුණින් බුද්ධත්වය සාක්ෂාත් කොට මිනිසාට දුකින් මිදීමට මඟ කියාදුන් අතර කිතුණු දහම හා ඉස්ලාම් දහම අනුව මිනිසා වරදින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේගේ නියෝජිතයින් ලෙස කිතුණු දහමේ ජේසූස් තුමා ද මුස්ලිම් දහමේ  නබි තුමා ද හැඳින්විය හැක. එමෙන්ම කිතුණු දහමේ පැරණි ගිවිසුම හා නව ගිවිසුම නමින් දහමේ ප‍්‍රධාන කොටස් දෙකක් ඇති අතර පැරණි ගිවිසුම මුස්ලිම් ජාතිකයන් තම ආගම ලෙස අදහන අතර කිතුණුවෝ අදහන්නේ නව ගිවිසුමයි. මේ සියල්ල තුළ ඇත්තේ සංස්කෘතික වශයෙන් ආගමික මිශ‍්‍රණයකි. වන්දනාමාන ගත්ත ද පොදුවේ සියලූ දෙනා (මුස්ලිම් හැර පිළිම වන්දනා කරති.
ආගමික සංකේත ගත්ත ද බෞද්ධාගමට අනුව ධර්ම චක‍්‍රය ප‍්‍රධාන ආගමික සංකේතය වේ. ඒ තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කරයි.  කිතුණු දහමේ ප‍්‍රධාන සංකේතය කුරුසය වන අතර හින්දු භක්තිකයින් ති‍්‍රශූලය ප‍්‍රධාන සංකේතය ලෙස සළකයි. ඉස්ලාම්වරු අඩසඳ හා තරුව ප‍්‍රධාන සංකේත වශයෙන් භාවිත කරයි. මේ සෑම සංස්කෘතියක් තුළම සමානතා හා අන්තර් සංස්කෘතික ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. 
එමෙන්ම ආගමික ඇදුම්  පැළඳුම් ගත්ත ද ඇඳුම් යනු සංස්කෘතියේ මූලික සාධකයක් වන අතර සංස්කෘතිය පිළිබිඹු කරන්නකි. එකී ඇඳුම නිර්මාණය වන්නේ එම සංස්කෘතියේ ආගමික පසුබිම මුල කරගෙනය . බෞද්ධයින් සුදු වර්ණයට මුල් තැනක් දෙමින් තම ඇඳුම් නිර්මාණය කර ගන්නා අතර කිතුණු හා මුස්ලිම් ජාතිකයින් කළු වර්ණයට මුල් තැනත් ලබාදෙයි. නමුත් අද වන විට විවිධ සංස්කෘතීන් අතර  අන්තර් හුවමාරුව ඔස්සේ සියලූ ආගමිකයින්ගේ ඇඳුම් එකිනෙක මිශ‍්‍ර වීම මත ඇඳුම් නිර්මාණය වන නිසා ඔවුන් අයත් වන්නේ කුමන ආගමට දැයි නිශ්චය කර ගැනීමට අපහසු වී ඇත. මේ නිසා ආගමික ඇඳුම් පැළඳුම් අතර ද අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකිය හැකිය.

ආගමික සිද්ධස්ථාන වෙත අවධානය යොමු කිරීමේ දී ඒ හා බැඳි අන්තර් සංස්කෘතික ලක්ෂණ රැසකි. බෞද්ධයින්ගේ මූලික සිද්ධස්ථානය පන්සල වුව ද අද වන විට බොහෝ පන්සල් වල දේවාල දැකිය හැක. දේවාල යනු හින්දු ආගමිකන්ගේ ප‍්‍රධාන සිද්ධස්ථානයකි. මීට අමතරව හින්දු භක්තිකයින් කෝවිල ප‍්‍රධාන කරගන්නා අතර කිතුණුවන් හා මුස්ලිම්වරුන් පල්ලිය ප‍්‍රධාන කරගනී . කෙසේ වෙතත් විදේශ ආක‍්‍රමණ හා විවිධ හේතූන් මත බෞද්ධ සිද්ධස්ථානයන්හි වෙනත් ආගමික අන්තර් සංස්කෘතික   ලක්ෂණ රැුසක් දැකිය හැක. මේ අනුව සංකල්පමය වශයෙන් , ඇදහිලි හා සිරිත් විරිත්, ආගමික පුදපූජා ආගමික උත්සව, මෙකී සියලූ කාරණා තුළ දැකිය හැක්කේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් වේ.



ශ්‍රී ලංකාවේ කාපිරි ජනතාව 


ලංකාව යටත් විජිතයක් වශෙයන් පැවති කාලය තුළ ආර්ථික‍ මෙන්ම ජන සමාජෙය්ද නොයෙකුත් අන්දමේ විපර්යාසාත්මක බලපෑම් වලට ලක්විය.විජේසේකරයන් දක්වන ආකාරයට ලාංකිකයන් වරක් නොව සිය වරක් මිශ්‍ර පිරිසකි. මේ අනුව ලංකාව ජනාවාස වීමේ සිට නිදහස ලැබීම දක්වා වු කාලපරාසය තුළදී ජනවර්ගයන්ගෙන් මිශ වූ ජන සමාජයක් බවට පත්විය.  ‍ලාංකික සමාජය විවිධ ජන කණ්ඩායම රැසකින් සමන්විත වේ.සිංහල,ලංකා දවිඩ,වැදි,කින්නර‍ රොඩි,මුස්ලිම්,මලයි සහ රොඩි සහ බර්ගර් ආදි ලෙස විවිධ ජාතීන් වේ.මෙයින් පිටස්තර වූ මානව කණ්ඩායම් ලෙස කාපිරි,මුක්කර,පරවරු,කුරුවන් හා අහිකුණ්ටකයන් හැදින්විය හැකිය.මෙම ජනයා නැවතත් පහතරට,සිංහල,උඩරට සිංහල,ලංකා දවිඩ,ඉන්දියානු දවිඩ, ලංකා මුස්ලිම් සහ පෙරදිග මනුෂ්‍ය වර්ග ලෙසින් බෙදි යනු ලැබේ.මුළු රට පුරාම ‍මෙම ජනයා පැතිර සිටින්නේ ඒ ඒ වර්ග අනුව ඒ ඒ පළාත් වලය.
මේ අනුව ලංකාවේ කාපිරි ජනයා යනු සුළු ජන කොට්ඨාශයකි.කාපිරි ජනයා කාබේරි නමින්ද හදුන්වයි.කාපිරි පෘතුගිසි භාෂාවෙන් Cafre  යනුවෙන්ද ලන්දේසි භාෂාවෙන් Kaffer යනුවෙන්ද ඉංගිසි භාෂාවෙන් Kaffir යනුවෙන්ද හදුන්වයි. අපිකානු සම්භවයක් පවතින කාපිරි ජනයා ලාංකික සමාජය හා සම්බන්ධ  වූයේ‍් යටත් විජිතකරණය හරහාය.එනම් පෘතුගීසීන් විසින් ලංකාව යටත්  කර ගැනීමෙන් ඇතිවු පසු ප්‍රතිඵලයක් වශෙයනි.මෙම ජනයා පසු කාලීනව තම මව්රට බලා ගියද සිය කැමැත්තෙන් මෙහි ඉතිරි වු පිරිසෙන් පැවත එන පිරිස පුත්තලම සිරම්බිඅඩියේ ජීවත් වේ. කාපිරි සමාජෙය් පවතිනුයේ සරල පවුලකි.මුල් කාලෙය්දි මොවුන් විස්තාරික පවුලක්  ලෙසින් ජීවත් වි ඇත.අම්මා,තාත්තා,සීයා,ආච්චි,මාමා,නැන්දා ආදි ලෙස ඔවුන්ගේ පවුල සකස් විය,මෙසේ එක් වන පාරම්පරික උරුමයන් පරම්පරාව අතර ‍ලේ සබදතාවක් විවාහයට වඩා බලවත් වේ.ඥාතිත්වය පවුල හා බැදි පවතින්නකි. කාපිරි ජනයාගේ ඥාතිත්වය  උපතින්ම විවාහය මගින් තීරණය වේ.පීතෘ මූලික රටාවක් මෙම සමාජය තුළ දක්නට පවති.පරම්පරාව පහළට ගලා යන්නේද  පියා මූලික කරෙගනය.නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය විදහා දක්වන බොහෝ  දෑ කාපිරි කාන්තාව සතුය.කාපිරි වෙන්වු නෑ පරපුරක් මෙන්ම ඔවුන්ටම ආවේණික ඥාති පද මාලාවක් පවති.සිංහල ආභාසය ලැබීම නිසාම ඔවුන් නැන්දා,මාමා ආදි වචන භාවිත කළද ඔවුන්ගේ කාපිරි භාෂාවෙන්ද ඒ සදහා වචන පවති.
  ගෑමෝ/ආවෝ   - ආච්චි                                                    කුඤනි              -මස්සිනා
  ඉරුමම්              -මල්ලි                                                    ගෑම්ප්/අවුප්පා    -සීයා
   මසින්ති             -නැන්දා                                                  බුවා/බාජි           -අයියා
  ඉරුමා               -නංගි                                                        පයිනි                - මාමා
  මමපිකි              -පුංචි                                                        සුසි/චිච්චා          -අක්කා 
  මැයි                  -අම්මා                                                       පප්පිකි              -බාප්පා
නමුත්  මෙම ඥාති පද බොහෝමයක් ඔවුන් භාවිත නොකරයි.එයට හේතුව ඔවුන් නිතර සිංහල සමාජය හා ගැටෙන නිසාය.නමුත් කාපිරි ජනයා ඔවුන්ගේ නෑයන් අතර මෙම වචන භාවිත කරයි.කාපිරි ජනයා සමීප ඥාති සබදතා පැවැත්වීමට පියතාවයක් දක්වති.සිංහල වි වාහයන් සිදු නොවු පවුල් සම්බන්ධතාවය දැඩිය.කාපිරි ජනයාගේ විවාහය ළාබාල වියේදිම සලකා බලනු ලැබේ.බහුභාර්යා සේවනය ඔවුන් අතර  සිරිත් ස්වරූපයකින් පවති.කාපිරි මිනිසෙකුගේ භාර්යාවන් සංඛ්‍යාව මත රදා පවති.ලබා ගැනීමේ හැකියාව යනු පිරිමියා විසින් ගැහැනිය‍ගේ පාර්ශවයට ගවයින් සංඛ්‍යාවක් ලබාදි ඇය සරණ පාවා  ගැනිම සිදුවන බැවින් පුරුෂයා ලබා දෙන ගවයින් සංඛ්‍යාව මින් අදහස් වේ. මෙම ගෝතික සමාජෙය් භාර්යාවන් විසින් පවුලේ සියලු කටයුතු සිදු කෙර්.ගැහැනු දරුවෙකු තරුණ වයසට පත් වු අවධියේ සිට ඇය   වහලියක මෙසේ තම නිවෙස් දෛනික කටයුතු වලට සම්බන්ධ වේ.
මෙහිදි ගෘහස්ථ කටයුතු කීපදෙනකු අතර බෙදීයාමෙන් ඇතිවන  වෙහෙස අඩු කිරීමට බහු භාර්යා ජීවන රටාවට ඔවුන් අනුගත වීමක් දැකිය හැක. කාපිරී සමාජෙය් පිරිමියෙකු පළමුව ගෙන එනු ලබන පළමුවන භාර්යාවට උසස් තැනක් මෙන්ම විශේෂත්වයක්ද හිමි වේ. සාමාන්‍යයන් මෙසේ වූවත් තරුණ බව හා ශරීර ශක්තිය ඇති බිරිදක් නම්  පුරුෂයාගේ වැඩි අවධානය යොමු වේ. සිරම්බිඅඩිය කාපිරී ජනයා කිසිදුවිටක  බහුපුරුෂ හෝ  බහු භාර්යා විවාහයන් අනුමත නොකරයි.මුල්කාලය්දි මොවුන් බහුල ලෙසින්  මිශ වූයේ පෘතුගීසි ජනයා සමග වුවද සිරම්බිඅඩිය කාපීරි ජනයාගේ පැවැත්ම ඉංගිසි ජාතින් හා සම්බන්ධ වූවක් වෙයි.විවාහ වීමේදි මව් රටවලින් ගැහැනුන් ගෙන්වා ගත් අතර පසුව දෙමළ ජනයා සමගත් සිංහල ජනයා සමගත් අන්තර් විවාහයන් ඔස්සේ විවාහ වු බව පෙන්.සිරම්බිඅඩිය කාපිරී ජනයා‍ගේ විවාහය සිදුවීම මේ ආකාරයට වේ.  
පුත්තලම් ප‍දේශය තුළ ජීවත් වන කාපිරි ජනයා මුල් කාලෙය්දි ලුණු ලේවාය ආශිතව තම රැකියාව යෙදුණුපසු කාලෙය්දි බිතාන්‍ය රජෙයන් ලබා දුන් ජල පහසුකම් යටතේ වගා කටයුතු කළහ. එහෙත් ගොවිතැන් කටයුතු වලින් වැඩි අස්වැන්නක් නොලැබූ හෙයින් මෙම ජනයා විවිධ රැකියා කිරීමට පෙළඹුණි.කාපිරි ජනයාගෙන් වැඩි දෙනකු රැකියාවන් නොකරයි.රැකියා කරන පිරිසෙන් වැඩි පතිශතයක් කුලී වැඩ කරයි.රජයේ සේවයේ නියුතු කිසිවෙකු නොමැති අතර වෙළද අංශයේද යම් පිරිසක් නියුතු වේ. කාපිරි ජනතාවගේ සංගීතය පිළිබද සාකච්ඡා කිරීමේදී කාපිරි ජනයා සතු වූ විවිධ වූ රළු වූ සංගීත භාණ්ඩ කීපයක් පවතී.ඔවුන්ගේ සංගීතයේ මෙලඩියට වඩා රිදම් මගින් ආස්වාදයක් ලබයි.මොවුන් පියානෝව විවිධ ආකාර වූ  රීඩ් වාදන භාණ්ඩ භාවිත කරන අතර ඒවා රලු බටනලාවක හැඩය ගනී.ගෝතික මිනිසුන් බැටලුවන්ගේ ඇට බටනලා ලෙසද භාවිත කරයි.මේ සංගීතය ඉතාම  කටුක වේ. මෙය වාදනය කිරීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ මොවුන්ගේ  ප්‍රධාන සංගීත භාණ්ඩ ඉග්යුබු  ලෙස හදුන්වයි.මෙම ස්වෙද්ශිකයන්  සතුව නිමා  කළ නොහැකි ගීතිකා විශේෂයක් පවතී.



Tuesday, June 30, 2015

 ඔබ මගෙමයි ළදේ

අදුරු අහසක් තෙළිතුඩක් ගෙන
 සදු හිරු තරු සිත්තමක් කළ
සිත්තරාවිය ඔබ මගේ
පාළු හදකට නිබද පදවැල් පබැදු කිවිදිය
ඔබමයි මගේ
සිහිනයෙන් විත් මා අසල හිද
මා සැනසූ සුරගන මගේ
ආදරය නම් මියුරු ස්වරයේ
තනුව කියා දුන් සොදුරිය

ඔබ මගෙමයි ළදේ

මා මව්නි සදා...  
    
සසරේ පැතු විලසින්
සිහිනෙක දුටු දෙව් දූ
ඔබ වේ මා දිනිදු
මට පියාපතක සුව දුන්
දසමසක් කුස හොවා
රුහිරු කිරි කර පොවා
සෙනෙහසින් ළගම හිද       
ගුණදහම් කියා දී
මගෙ ලොව ජයගැබ කරා
යා යුතු මග විවර කළ
ස්නේහයේ උල්පත නුඹයි
ඔබේ සෙනේ පිරි නෙත් කෙවෙනි අතරින්
දකිමි ලොවක් මා මව්නි සදා....

වචන
කෙනෙක් සනසන
කෙනෙක් වනසන
ලොවක් තනන
ලොවක් බිදින
හුරුබුහුටි දැලිපිහියකි

වචන

Never be bad


The pain you have, I will heal,

anything you want, I can deal,


I can make you happy, I can make you sad.....


but anything you do will never be bad.....
නව මාධ්‍ය ව්‍යාප්තිය සහ දේශීය සිනමා කර්මාන්තයට එයින් සිදුවන බලපෑම

මුළු ලෝකයම ගෝලීයකරණයට හසුවීමත් සම`ග වර්තමාන ලෝකයම පොදු මාධ්‍ය සංස්කෘතියකට හසු වී හමාරය. කාලානුරූපීව මාධ්‍ය සංස්කෘතිය තුළ නව භෞතික සම්පත් රාශියක් සමාජයට එකතු වේ. පොත්පත් ,පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි මෙන්ම සිනමාව, වීඩියෝ පට, සංයුක්ත තැටි ආදි රැුසක් සමාජයට එක්විය. එමෙන්ම නව චර්යාධර්මයන්ද ජීවන රටාවේ වෙනස්කම් රැුසක්ද සිදු විය. මෙලෙස සමාජය නවීකරණය වෙමින් ඉදිරියට යාමත් සම`ග පාරම්පරිකව තොරතුරු හා විනෝදය ලබා ගැනීමේ ක‍්‍රමයන් වෙනුවට මාධ්‍ය භාවිත කරනු ලැබීය. උදාහරණ වශයෙන්

  • අතීතයේ විඩාව, කාන්සිය ම`ගහරවා ගැනීමට ගීත ගායනය වෙනුවට අද ජනමාධ්‍ය තුළින් නව ගීත ඇසීම. 
  • අතීතයේ අණබෙරකරුවන්ගෙන් දැනගත් තොරතුරු අද ජනමාධ්‍යයෙන් දැන ගැනීම.

ආදිය දැක්විය හැකිය. මේ අනුව මාධ්‍ය සංස්කෘතිය කෙරෙහි තාක්ෂණය බෙහෙවින් ඉවහල් විය. ප‍්‍රථමයෙන් පිටපත්කරණය ස`දහා මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීම ජනමාධ්‍යයේ මූලාරම්භයයි. ඉන්පසු පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව මෙන්ම රූපවාහිනිය බිහිවිය. අද වනවිට ලොවම ඒකාබද්ධ වූ නවමු තත්වය නව මාධ්‍යයයි. තාක්ෂණික දියුණුවේ අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලය ලෙස නව මාධ්‍යය බිහි වීම හැ`දින්විය හැකිය.
සිනමාව යනු සංස්කෘතිකමය මානව කෘතියක් මෙන්ම තවත් එක් විනෝදස්වාදය සපයන කලාත්මක මාධ්‍යයකි.
 සිනමාව ලොවට බිහිවීම යනු අහඹු සිද්ධියක් හෝ හදිසි සිද්ධියක් නොවේ. එය විවිධ නිර්මාණශීලි පර්යේෂකයන් විසින් දිගු කලක් තිස්සේ කරන ලද පර්යේෂණ වල ප‍්‍රතිඵලයකි. සිනමාවේ බිහිවීම නිසා ජන සමාජයේ රස වින්දනය පිළිබ`ද තිබූ සාම්ප‍්‍රදායික සීමාවන් බැහැර විය. එය ජනයාට අපූර්ව ආස්වාදයක් ලබා දෙන්නට සමත් විය. එපමණක් නොව සමාජයේ හැසිරීම් රටාව වෙනස් කිරීමට සිනමාවට හැකිවිය. මූලික වශයෙන්  සිනමාව තුළින් සිදු කරන්නේ නව සමාජ අර්ථකථනයකින් මානව සංජානනය ප‍්‍රසාරණය කිරීමකි.
ගතවී ගිය වකවානුව පුරාම විවිධාකාර හැඩගැසීම්වලට හා අර්ථ දැක්වීම්වලට බ`දුන් වූ චිත‍්‍රපටය වූ කලී මිනිසාගේ චින්තන ශක්්තිය තුළින් ගොඩන`ගා ගත් අපූර්ව වූත්, සුවිශේෂි වූත්, කලා නිර්මාණයක් ලෙසින් සැලකිය හැකිය. ආයාසයකින් තොරව මිනිස් මනස වෙතට සමීප වීමට ඇති හැකියාවත් අන් කලාවන්ට වඩා මිනිසා වෙත කළ හැකි බලපෑම චිත‍්‍රපටයේ වඩාත් ප‍්‍රබලය. චිත‍්‍රපටය යනු සජීවී කලා මාධ්‍යයක් වන හෙයින් අන් කලා මාධ්‍යයන් අභිබවා ඉස්මතු වී පෙනෙන ස්ථාවරයකට නිතැතින්ම පත්වේ.

තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක් ලෙස නව මාධ්‍ය බිහි වීමත් සම`ග විකල්ප රසවින්දන මාධ්‍ය රැුසක් වෙත පිවිසීමට මිනිසාට අවස්ථාව උදා වන්නට විය. එය සිනමා කර්මාන්තයට දැඩි අභියෝගයක් විය. නව මාධ්‍යයේ අපූර්ව සොයා ගැනීමක් වන අන්තර්ජාලය තුළින් අදවන විට ඉතා පහසුවෙන් චිත‍්‍රපට නැරඹීමට අවස්ථාව සැලසී ඇත. එමෙන්ම ඩිජිටල් සංගත තැටි ද වත්මන් සිනමාවට ප‍්‍රබල අර්බුදයකි. මෙලෙස ඉතා පහසු මිලට මෙන්ම නිවසේ සිටම චිත‍්‍රපට නැරඹීමට අවස්ථාව උදා හේතුවෙන් මිනිසුන් සිනමාශාලා වෙත යෑම බෙහෙවින් සීමා වී ඇති අතර මේ හේතුවෙන් සිනමාවේ ආර්ථිකය පටු වේ. අදවන විට අතේ ඇති ජංගම දුරකථනයෙන් වුවද චිත‍්‍රපටයක් නැරඹීමට හැකි තරම් තාක්ෂණය පුළුල් වී තිබේ.
නිර්මාණකරුවන් චිත‍්‍රපට නිෂ්පාදනයට යොමු වීම සීමා වීමත් කලාත්මක සිනමා කෘතියක් නිර්මාණයට වඩා වානිජ පරමාර්ථයන් මුදුන්පත් කරගනිමින් චිත‍්‍රපට නිර්මාණය කෙරෙහි බොහෝ කලාකරුවන් පෙළඹී සිටී. ලාංකික සිනමාවේ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ විද්‍යුත් තාක්ෂණික මෙවලම් පාරිභෝගිකයා අතට පත් වීමට පෙර සිනමාව වැජඹුණු ස්ථානය කරා නැවත ළ`ගා වීම ඉතා අපහසු කාර්යයකි. සිනමාව බහුජන මාධ්‍යය අතර තවත් එක් විකල්ප මාධ්‍යයක් බවට පරිවර්තනය වී අවසන්ය.  එබැවින් ශීඝ‍්‍රයෙන්  ව්‍යාප්ත වන නව මාධ්‍ය හමුවේ සිනමා කර්මාන්තය ආර්ථික වශයෙන් රැුකගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

මෙයද ජීවිතය...

ආ මග විෂමය
මංමුලා වීම සුලබය
විටෙක තනිව හඩයි
විටෙක තනිව සිනාසෙයි
දුක, සතුට, කිත්, පැසසුම්
අපහාස අවලාද 
අටලෝ දහම නිති පෙරළෙයි...
එකෙකු පරයා තවකෙකු ඉහළ යෑමට ද`ගලයි
ඊර්ෂ්‍යා ක්‍රෝධයෙන් සැම තැන ගිනි ගනී
එහෙත් සියල්ලටම අමතක එකම දෙය නම්
දිනෙක මේ සියල්ල දමා හිස් දෑතින් 
මෙමිහිමතට පස් වන බවයි..

Monday, June 29, 2015

ස්ත‍්‍රී

ගැහැනියකගේ ජීවිතය හරිම පරපෝෂිත එකක්.
සීමා මායිම් දාලා බැදලා තියන ජීවිතෙන් නිදහස්ව
ජීවිතේ ලස්සන දකින්න ඔවුන් ආසයි...
යටහත් පහත් බව ගැහැනුන්ට තිබිය යුතුයිලූ !   
ඒක සමාජය විසින් ගැහැනුන්ට 
එන්නත් කරන ලද ඉංජක්ෂන් එකක් වගේ
පොඩි කාලේ දෙමාපියන්, 
තරුණ කාලේ පෙම්වතා,
විවාහ වූ පසු සැමියා,
අන්තිමට වදාපු දරුවන්ට,
මෙහෙම එයාලා මුළු ජීවිත කාලයේම කාට හෝ යටත් වෙලා
ජීවිතේ රස හොයන්න උත්සහ කරනවා
ඒක හරියට ලූණු නැති හොද්දක ලූණු බලනවා වගේ වැඩක්...



Wednesday, June 17, 2015

ලාංකික ගෘහ නිර්මාණ කලාව
ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් වාස්තු විද්‍යාව වූ කලී ඉතා සංකීර්ණ වූද පුළුල් වූද විෂය ධාරාවකි. ගෘහ නිර්මාණකරණය සරල අයුරින් විග‍්‍රහ කළහොත් සැබවින්ම එය මතුවන ගැටළුවක් ස`දහා පිළිතුරු සැපයීමක් වැනිය.මතුවන සැබෑ ගැටළුව හ`දුනා ගැනීම නිර්මාණකරණයේ මූලික, ප‍්‍රථම පියවර වන අතර එය නිර්මාණකරණ ක‍්‍රියාවලියේ අපහසුම කාර්යය වන්නේය.
එය එසේ වන්නේ ගෘහ නිර්මාණයක් වූ කලී හුදෙක් සරල නිපැයුමක් නොවන්නාවූ අධි කලා කෘතියක්ද නොවන්නාවූ, කලා කෘතියක් හෙයිනි. එනම් ගොඩනැ`ගිල්ලක්, ගෘහ නිර්මාණකරණයක් නැතහොත් කලා කෘතියක් ලෙස එළි දැක්වීම, මේ මහා විශාල ක‍්‍රියාදාමයේ ගෘහ නිර්මාණ ශිල්පියා සතු කාර්ය භාර්යයි.
ප‍්‍රථම හෙවත් ආරම්භක පියවර ලෙස නිවැරදි ප‍්‍රශ්න හ`දුනා ගැනීම යැයි ඉහත ස`දහන් කරන ලදි. එය ගෘහ නිර්මාණ ශිල්පියාගේ දැක්ම නොහොත් දර්ශනය මත සිදුවන්නකි. එනම් එකම නිර්මාණකරණයක් ස`දහා විවිධ ගෘහ නිර්මාණ ශිල්පීන් දරන මත විවිධ වන අතර ඔවුන්ගෙන් මතුවන ගැටළුද විවිධ වන්නේය.
එහෙයින් ශිල්පියාගෙන් ශිල්පියාට ගෘහ නිර්මාණයන් විවිධ වෙයි. එනම් ගෘහ නිර්මාණකරණයන් ගෘහනිර්මාණ ශිල්පියා මත අනන්‍ය වන අතර ශිල්පියාට ආවේණික වූ ලක්ෂණයන්ගෙන් යුක්ත වන්නේය.(මෙය විග‍්‍රහ කිරිමේදී ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීහු මත දෙකක් දරති. ඉන් එකක් නම් ගෘහ නිර්මාණ ශිල්පයක් එම ශිල්පියාටම අනන්‍ය විය යුතුය යන්නයි. අනෙක නම් එය එසේ සිදු වීම අත්‍යවශ්‍ය නොවන බවයි.*
නිර්මාණකරණයේදි ශිල්පියා විසින් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි. කිසියම් නිර්මාණකරුවෙකුට එම කරුණු නොසලකා හැර නිර්මාණකරණයේ නියැලිය නොහැකිය.මක් නිසාද ය් ගෘහ නිර්මාණකරණයක් වූ කලී හුදෙක් රස වි`දීමට පමණක් නිපැයූ ප‍්‍රතිමාවක් නොවන හෙයිනි.
ගෘහ නිර්මාණයේදී නිර්මාණයට අදාලව ශිල්පියා විසින් අවධානය යොමු කළ යුතු සාධක නම් සමාජීය, පාරීසරික, විද්‍යාත්මක, දේශගුණික, ප‍්‍රායෝගික, කාර්යාත්මක, ව්‍යුහමය, භෞතික හා මානසික යනාදියයි.මෙම සාධකයන්ට උචිත පරිදි ගෘහ නිර්මාණකරණයේලා නිරත විය යුතුය.
1920 ගණන්වලට පසු ව්‍යාපාරික ක්ෂේත‍්‍ර ඔස්සේ කඩිනමින් ධනවත් වූ ප‍්‍රභූන් තම ඉංග‍්‍රීසි පාලකයන්ගේ යටත් විජිත නිවාස සම්ප‍්‍රදායෙන් අනුකරණය කරන ලද නිවාස කොළඹ නගරයේ සහ ඔවුන් කේන්ද්‍ර වූ ප‍්‍රාදේශීය නගරවල බහුලව දැකිය හැකිය.මින් ඇතැම් නිවාස ඔහුන් එංගලන්ත සංචාරයෙන් අත්දුටු මැනර් හවුස් :ඵ්බදර ්‍යදමිැ* මාදිලියේ ප‍්‍රභූ නිවාස නිර්මාණය වීම සුවිශේෂිය.
 මීට අමතරව මධ්‍යම සමාජ ස්ථරයේ ජනතාව තම පාරම්පරික නිවාස උරුමයන් හා ඉහත ස`දහන් යුරෝපීය මාදිලි ලක්ෂණ සම්මිශ‍්‍රිත දෙමුහුම් නිවාස පරිහරණය කරන්නට මේ යුගයේදී පෙළඹුණි. බි‍්‍රතාන්‍ය විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සියවස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ වැඩවසම් ක‍්‍රමය බි`ද වැටී වේගවත් නාගරීකරණයත් සම`ග නිවාසයන්හි කැපී පෙනෙන විපර්යාසයක් ඇති විය.කෙසේ වෙතත් දේශීය අංග ලක්ෂණද ඇතුළත් කරගෙන ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට කෘත‍්‍රිම අමුද්‍රව්‍ය හා දේශීය දේ වෙනුවට විදේශීය ආනයනය කරන ලද දේ යොදා ගන්නා ලදි. දේශීය දැව වෙනුවට බුරුමය වැනි රටවලින් ගෙන්වන ලද තේක්ක මෙන්ම බි‍්‍රතින්‍යයෙන් ආනයනික සාදන කාමර උපකරණද මීට උදාහරණ වේ.
බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවත් දේශීය ප‍්‍රභූ හා මධ්‍යම ස්ථරයේ නිවාස යුරෝපීය බලපෑමේ ආභාසයට යටත් විය.පශ්චාත් නිදහස් යුගයේ ප‍්‍රධානතම ප‍්‍රභූ නිවාස ශෛලිය ලෙස පී.ඩබ්.ඞී.නිවාස :ඡුගඋගෘ ිඑහකැ* ඉංග‍්‍රීසීන් විසින් අනුබද්ධිත ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ හේතුවාදය මත පදනම් වූ පිරිවැය ඵලදායි පිළියමකි. ඇතැම් නිවාස අලංකරණය ස`දහා දේශීය පාරම්පරික මෝස්තර රටා මෙන්ම යුරෝපීය සම්භවයක් සහිත ආර්ට් ඩෙකෝර් : ්රඑ ාැජදර* වැනි ශෛලීන්ද යොදා ගැනුණි. 1505 පෘතුගී‍්‍රසීන්ගේ ලංකාගමනයත් සම`ග අනතුරුව පැමිණි ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතීන් නිසා මෙරට සංස්කෘතිය විශාල වශයෙන් විපර්යාස රැුසකට ලක් විය. කලාව, ආගම, භාෂාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ මෙකී සියලූ අංගයන් යටතවිජිතකරණයත් සම`ග වෙනස් විය. ඇතැම් නවාංග එක් වූ අතර  පැවති අංගයන් විනාශ වූ අවස්්ථාද වේ.
කෙසේ වෙතත් ලාංකික ගෘහ නිර්මාණ පිළිබ`ද 1800 සිට 2000 දක්වා කාල පරාසය තුළ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එම කාල වකවානුවේ මෙරට ගෘහ නිර්මාණ කෙරෙහි දැඩි ලෙස යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලබා ඇති බවයි.
ඇතැම් විට බි‍්‍රතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ බල පරාක‍්‍රමය විදහා දැක්වීමට යුරෝපීය ගෘහ නිර්මාණ මෙරට නිර්මාණයන්ට යොදා ගෙන තිබේ. යටත්විජිතකරණයත් සම`ග වැඩවසම්වාදය බි`ද වැටුණු අතර විවෘත ආර්ථිකය තුළ බිහිවන ධනපති පන්තාය විසින් පශ්චාත් නිදහස් යුගයේ පවා යුරෝපීය ගෘහ නිර්මාණ අලංකාරය හා ගමේභීරත්වය පිළිබිඹු කිරීමට යොදා ගන්නා ලදි.
උදාහරණ ලෙස කොළඹ 07 ප‍්‍රදේශයේ නිවාස රැුසක් යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලබා ඇත. එම ප‍්‍රදේශයේ ඇති කාර්යාල, පැරණි ගොඩනැ`ගිලි බොහෝමයක් පාහේ යුරෝපීය ආභාසය අනුව නිර්මාණය වී තිබේ. මේ අනුව මෙම අධ්‍යයනය තුළින් විග‍්‍රහ කරනුයේ යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලාංකික ගෘහ නිර්මාණකරණයේලා බලපෑවේ කෙසේද, යුරෝපීය ආභාසය ලැබූ ගෘහ නිර්මාණ මොනවාද හා ඉන් ගෘහ නිර්මාණ කිහිපයක් පිළිබ`දව මෙහිදි විස්තරාත්මකව කරුණු ගෙන හැර දක්වයි
ලෙව්කොක් ඇතුළු පිරිසට අනුව බි‍්‍රතාන්‍ය වකවානුවේ දිවයිනේ ඉදිකරන ලද ගොඩනැ`ගිලි ගෘහ නිර්මාණ ශිල්පීය ශෛලීන්ට අනුව අවධි 03 කට වෙන් කළ හැකි අතර මෙම මතය ප‍්‍රභූ නිවස කෙරෙහිද නිවැරදි වේ. මුල් බි‍්‍රතාන්‍ය යුගයේදී දිවයිනේ පාලනය ගැන වූ අවිනිශ්චිතතාවය නිසා පෙර ලන්දේසි සම්ප‍්‍රදායන් එ් අයුරින්ම පවත්වාගනු ලැබූවත්  19 වන ශතවර්ෂයේ මුල් භාගය වන විට ඉන්දියානු අර්ධද්වීපයේ ඇති වූ දේශපාලන ආධිපත්‍ය සහ එම සියවසේ මැද භාගය වන විට වතු ආර්ථිකයේ ප‍්‍රතිලාභ ලැබීමත් සම`ග බංගලාව ඉංග‍්‍රීසි පාලකයන් විසින් ලංකාවට හ`දුන්වා දෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.
බංගලාවේ බිහිවීම හා අන්තතර්ජාතික ව්‍යාපෘති පිළිබ`ද මැනවින් කරුණු ඉදිරිපත් කරන විද්වතෙකු වන ඇන්තනී.ඞී.කිංග් දක්වන්නේ දිවයිනේ පාරිසරික දේශපාලන හා සංස්කෘතික වාතාවරණයන්ට අනුව හැඩ ගැසෙන බංගලාව 20 වන සියවස මුල් භාගය වන විට ප‍්‍රමාණයෙන්, අලංකෘතභාවයෙන් හා සැපපහසු බව අතින්ද වැඩි දියුණු වන්නේ තවදුරටත් යුරෝපයෙන් ආනයනය කරන ලද සම්භාව්‍ය ගෘහ නිර්මාණ අංග ලක්ෂණයන් ඉස්මතු කරමිනි. තත්කාලීන යුරෝපයේ ශීඝ‍්‍ර වර්ධනය වෙමින් පැවති පාරිභෝජකත්වය, ධනවාදය ඔස්සේ ලාංකික ප‍්‍රභූන් කරාද මෙසේ ළ`ගා විය.