ආගම හා අන්තර් සංස්කෘතිය ....
ලෝකවාසී සියලූ දෙනා කුමන හෝ ආගමක කොටස් කරුවෝ වෙති. මෙය නිත්‍ය ලෙස සමාජගත නොවූ පරිසරයක පවා දක්නට ලැබේ. ඒ අනුව මිනිසා ලොව පහළ වූදා පටන් තම ආධ්‍යාත්මික දියුණුව පතා විවිධ ඇදහීම් වල නිරත විය. උදාහරණ ලෙස ගස් ගල් වන්දනාව , ඉර හඳ වන්දනාව ලිංග වන්දනාව, සත්ව වන්දනාව ආදී නොපෙනෙන බලවේගයන් ගෞරව භක්තියෙන් වන්දනාමාන කරන ලදි. මේ අනුව බෞද්ධ , හින්දු , කි‍්‍රස්තියානි, ජෛන ආගම , මුස්ලිම් හා කතෝලික ආදී විවිධ ආගම් ලොව බිහිවූ අතර ඒ ඒ ආගමට ආවේණික දර්ශනයන් ඇදහීමට මිනිසා පෙළඹුණි .මෙම එක් එක් ආගම් වල ලෝකයේ බිහිවීම පිළිබඳ විවිධ මත දක්වා ඇත. බුදුදහමට අනුව ලෝකයේ බිහිවීම පිළිබඳ අග්ගඤ සූත‍්‍රයේ දක්වා ඇත. හින්දු ආගමට අනුව ලෝකය නිර්මාණය කළේ මහාබ‍්‍රහ්මයා විසින.ි කිතුණු දහමට අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කර ඇත. එමෙන්ම විවිධ ආගම් තුළ කර්මය පිළිබඳ ද විවිධ මතවාද දක්නට ලැබේ. බෞද්ධයින් හා හින්දු ආගමිකයන් පුනර්භවය පිළිබඳ විශ්වාස කරන අතර මුස්ලිම් හා කතෝලිකයින් පුනරුත්ථානය පිළිබඳ විශ්වාස කරයි. එමෙන්ම ආගම තුළ අන්තර් සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන තවත් ප‍්‍රධාන සාධකයක් නම් ආගමික උත්සවයන්ය. ඒ අනුව බෞද්ධයෝ සම්බුද්ධ උපත , බුද්ධත්වය හා පරිනිර්වාණය මුල් කරගනිමින් වෙසක් උත්සවය පවත්වති. හින්දු ආගමිකයෝ දීපවාලී උත්සවය ආලෝක පූජාවක් ලෙස පවත්වති . එමෙන්ම මුස්ලිම් භක්තිකයින් රාමසාන් උළෙල ආගමානුකූලව පවත්වති. කි‍්‍රස්තූන් නත්තල් උළෙල ජේසුතුමාගේ උපත මුල් කර ගනිමින් පවත්වති. එමෙන්ම අලුත් සහල් මංගල්‍යය ,කාර්තික් මංගල්‍යය, පෙරහැර පැවැත්වීම විවිධ ආගමිකයින්ගේ එකමුතුවෙන් පවත්වති. මේ සියල්ල තුළ අන්තර් ආගමික සංස්කෘතික සබඳතා රැුසක් දැකගත හැකිය.
එමෙන්ම විවිධ ඇදහිලි හා විශ්වාස තුළින් පෙනෙන්නේ ද අන්තර් සංස්කෘතික සබඳතාවයන්ය. බුදු දහමට අනුව ලෝක සත්වයින්ගේ හිත සුව පිණිස දස පාරමිතා පුරා බුදු රජාණන් වහන්සේ සියලූ සත්වයින් දුකින් මුදවා ගැනීමේ අරමුණින් බුද්ධත්වය සාක්ෂාත් කොට මිනිසාට දුකින් මිදීමට මඟ කියාදුන් අතර කිතුණු දහම හා ඉස්ලාම් දහම අනුව මිනිසා වරදින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේගේ නියෝජිතයින් ලෙස කිතුණු දහමේ ජේසූස් තුමා ද මුස්ලිම් දහමේ නබි තුමා ද හැඳින්විය හැක. එමෙන්ම කිතුණු දහමේ පැරණි ගිවිසුම හා නව ගිවිසුම නමින් දහමේ ප‍්‍රධාන කොටස් දෙකක් ඇති අතර පැරණි ගිවිසුම මුස්ලිම් ජාතිකයන් තම ආගම ලෙස අදහන අතර කිතුණුවෝ අදහන්නේ නව ගිවිසුමයි. මේ සියල්ල තුළ ඇත්තේ සංස්කෘතික වශයෙන් ආගමික මිශ‍්‍රණයකි. වන්දනාමාන ගත්ත ද පොදුවේ සියලූ දෙනා (මුස්ලිම් හැර පිළිම වන්දනා කරති.
ආගමික සංකේත ගත්ත ද බෞද්ධාගමට අනුව ධර්ම චක‍්‍රය ප‍්‍රධාන ආගමික සංකේතය වේ. ඒ තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කරයි. කිතුණු දහමේ ප‍්‍රධාන සංකේතය කුරුසය වන අතර හින්දු භක්තිකයින් ති‍්‍රශූලය ප‍්‍රධාන සංකේතය ලෙස සළකයි. ඉස්ලාම්වරු අඩසඳ හා තරුව ප‍්‍රධාන සංකේත වශයෙන් භාවිත කරයි. මේ සෑම සංස්කෘතියක් තුළම සමානතා හා අන්තර් සංස්කෘතික ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ.
එමෙන්ම ආගමික ඇදුම් පැළඳුම් ගත්ත ද ඇඳුම් යනු සංස්කෘතියේ මූලික සාධකයක් වන අතර සංස්කෘතිය පිළිබිඹු කරන්නකි. එකී ඇඳුම නිර්මාණය වන්නේ එම සංස්කෘතියේ ආගමික පසුබිම මුල කරගෙනය . බෞද්ධයින් සුදු වර්ණයට මුල් තැනක් දෙමින් තම ඇඳුම් නිර්මාණය කර ගන්නා අතර කිතුණු හා මුස්ලිම් ජාතිකයින් කළු වර්ණයට මුල් තැනත් ලබාදෙයි. නමුත් අද වන විට විවිධ සංස්කෘතීන් අතර අන්තර් හුවමාරුව ඔස්සේ සියලූ ආගමිකයින්ගේ ඇඳුම් එකිනෙක මිශ‍්‍ර වීම මත ඇඳුම් නිර්මාණය වන නිසා ඔවුන් අයත් වන්නේ කුමන ආගමට දැයි නිශ්චය කර ගැනීමට අපහසු වී ඇත. මේ නිසා ආගමික ඇඳුම් පැළඳුම් අතර ද අන්තර් සංස්කෘතික ලක්ෂණයන් දැකිය හැකිය.
ආගමික සිද්ධස්ථාන වෙත අවධානය යොමු කිරීමේ දී ඒ හා බැඳි අන්තර් සංස්කෘතික ලක්ෂණ රැසකි. බෞද්ධයින්ගේ මූලික සිද්ධස්ථානය පන්සල වුව ද අද වන විට බොහෝ පන්සල් වල දේවාල දැකිය හැක. දේවාල යනු හින්දු ආගමිකන්ගේ ප‍්‍රධාන සිද්ධස්ථානයකි. මීට අමතරව හින්දු භක්තිකයින් කෝවිල ප‍්‍රධාන කරගන්නා අතර කිතුණුවන් හා මුස්ලිම්වරුන් පල්ලිය ප‍්‍රධාන කරගනී . කෙසේ වෙතත් විදේශ ආක‍්‍රමණ හා විවිධ හේතූන් මත බෞද්ධ සිද්ධස්ථානයන්හි වෙනත් ආගමික අන්තර් සංස්කෘතික ලක්ෂණ රැුසක් දැකිය හැක. මේ අනුව සංකල්පමය වශයෙන් , ඇදහිලි හා සිරිත් විරිත්, ආගමික පුදපූජා ආගමික උත්සව, මෙකී සියලූ කාරණා තුළ දැකිය හැක්කේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් වේ.
No comments:
Post a Comment