Total Pageviews

Wednesday, July 1, 2015

ජුලියන් පෝල් ඇසෙන්ජ් සහ විකිලීක්ස්........





තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස, ප‍්‍රකාශනයේ අයිතිය, මෙකී සියලූ අයිතිවාසිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතීන් වේ.  කෙසේ වෙතත් විකිලික්නැ වෙබ් අඩවිය තුළින් මේ සියලූ අයිතීන් පිළිබද ලොවටම උපදෙස් දෙන ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දෙබිඩි ස්වරූපය ලොවට හෙලි වී අවසන් ය. ලොව කුඩා රටවල සිදුකරන සුලූ වැරැද්දක් වුව මහ ඉහළින් නඩු විභාගයට ලක් කරන ඇමෙරිකාව සිදුකර ඇති අමානුෂික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබ`ද නෛතික පියවර ගතහොත් ඇමරිකාවට සදාකල් සිර දඩුවම් විදීමට සිදු වනු ඇත. එනම් එම අපරාධ ඉතාම දරුණු මෙන් ම බරපතල බැවිණි. ලෝකයේ බලවතාගේ වැරදි පිළිබ`ද හඩගා ප‍්‍රශ්න කරන්නට කුඩා රටවල් ඉදිරිපත් නොවන්නේ ප‍්‍රබලයා හමුවේ දුබලයා යටත් බවට ඩාවින්ගේ දැක්ම යථාර්ථයක් කරමිනි.

මෙවැනි වාතාවරණයක තම පෞද්ගලික වාසිය තකා කටයුතු කරන බහුතරයක් වෙසෙන වත්මන් සමාජයක  ජුලියන් ඇසෙන්ජ් වැන්නවුන් පොදු සමාජ යහපත උදෙසා කළ මෙහෙවර අගය කළ යුතු ය. එනම් විකිලික්ස් වෙබ් අඩවිය හරහා ලොවට බණ දෙසන අමෙරිකාවේ යථාර්ථය මනාව හෙළි වූවා පමණක් නොව ලොව අනෙක් රටවලට බලපෑම් කරමින් එම රටවල රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවලියට අතපෙවීමට ඔත්තු බලමින් සිටින සුද්දවන්ත ලෝක බලවතාගේ නිරුවත ලොවට හෙළි විය. මේ අනුව ලෝකයේ සියලූ රටවල විකිලීක්ස් වැනි වෙබ් අඩවි නිර්මාණය වුවහොත් රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් සටකපටකම් කරන්නවුන්ගේ සැබෑ ස්වරූපය ලොවට දැකගත හැකි වේ. වික්ලීක්ස් පූර්වාදර්ශය කරගනිමින් හෙට දවසේ මෙවැනි උයසිඑකැ ඊකදඅසබට වෙබ් අඩව් අලූත් රැල්ලක් වශයෙන් ඉස්මතු වීමට විශාල ඉඩ කඩක් පවතින බව ලොව පුරා දේශපාලන විශ්ලේෂකයෝ පවති.

 මේ අනුව ඉහත දැක් වූ පරිදි මෙන් ආණ්ඩුවලට , දේශපාලන පැළැන්තියට සහ පොදුවේ පාලක පන්තියට මුහුණ දීමට සිදුවන බරපතල අභියෝගයක් විය හැකිය. පුවත්පතක කතුවරයෙකු ඝාතනය කිරීමක් හෝ රූපවාහිනී හෝ ගුවන් විදුලි විකාශනාගාරයක් විනාශ කරන්නාක් මෙන් සයිබර් අවකාශයේ තොරතුරු ගලනය පාලනය කළ නො හැකිය.  එබැවින් විකිලීක්ස් වැනි වෙබ් අඩවි රාජ්‍යයන් කරා ව්‍යාප්ත වුවහොත් එය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියේ අද්විතීය විජයග‍්‍රහණයක් වනු නො අනුමානය. එමෙන් ම එය එමෙන් ම එය ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමක් මෙන්ම ප‍්‍රකාශනයේ නිදහසට ද මනා දායකත්වයක් සපයනු ඇත. ජුලියන් ඇසෙන්ජ් ලිංගික අපයෝජන චෝජනා මත අත්අඩංගුවට ගත්ත ද සැබෑව නම් ඇමෙරිකාවේ නිරුවත ලොවට හෙළි කළ ඇසෙන්ජ්ගෙන් පළි ගැනීමට ගත් කි‍්‍රයාමාර්ගයක් බව බැලූ බැල්මට තේරුම් ගැනීම අපහසු නොවේ. මේ පිළිබද ස්වීඩන් රජය දක්වන්නේ රහස් හෙළි දරව් කිරීම් හෝ අත්තඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. නමුත් ඇමරිකානු තානාපති රහස් එළිකළ නොබෝ කළකින් ඔහු පසුපස ලෝක පොලිසිය ලූහු බදින්නට විය.


 ලෝකයේ මානව හිමිකම් පිළිබද බොහෝ පුරසාරම් දොඩන ඇමරිකාව හෝ බි‍්‍රතාන්‍යයට ඇසෙන්ජේගේ මානව හිමිකම් පිළිබද නිකමට හෝ මතක් නොවුණේ ඔහු අපරාධකරුවෙකු සේ ඇමරිකාව දුටුව නිසා ද? සැබැවින්ම ඇසෙන්ජ් අපරාධකරුවෙක් ද එසේත් නැතිනම් සැබෑව ලොවට නිර්භයව හෙළිකළ වීරයෙක් ද? ඇමෙරිකාවට ,බි‍්‍රතාන්‍යයට  ඔහු දරුණු අපරාධකරුවෙකි. එහෙත් රුසියාවට, බ‍්‍රසීලය වැනි රටවලට ඔහු වීරයෙකි. අන්තර්ජාලයට මුදාහැරීමට ප‍්‍රථම වෙනත් රටවල රහස් ඇසෙන්ජ් විසින් ඇමරිකාවට ලබා දුනි නම් ඇමරිකාව විසින් ඇසෙන්ජ් ලෝක පූජිතයෙකු ලෙස නම් කරනු ඇත. නමුත් තමන්ගේ ව්‍යාජ වෙස් මුහුණ ගැලවීම නිසා ඇමරිකාවට ඇසෙන්ජ් බින්ලාඩන්ට වඩා දරුණු අපරාධකරුවෙකු විය. මෙතෙක් හෙළි නොකළ රහස් හෙළි කිරීමේ පිපාසයෙන් පෙළෙන විකිලින්ස් වෙබ් අඩවිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවහිර කළේ ලොවට හෙළි වන තම නිරුවත තුළින් පත්වන ලැජ්ජාව නිසා නොවේ ද?


කෙසේ වෙතත් ජුලියන් ඇසෙන්ජ්ගේ පෞද්ගලික චර්යාව පිළිබ`ද නොව පොදුවේ ඔහු ලොවට කළ මෙහෙවර විශිෂ්ටය. ඔහු එළිකළ සත්‍ය ලොවට ප‍්‍රසිද්ධ රහසක් පැවතියත් ඔහුගේ රහස් හෙළි දරව් තුළින් ලෝක බලවතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද දෙබිඩි ස්වරූපය සාක්ෂි සහිතව ඔප්පු කළේ ඇසෙන්ජ විසිනි.එබැවින්ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සමාජයක් නම් ඔහු සැබෑ වීරයෙකු ලෙස හැදින්වීමෙහිලා වරදක් නැත.ඔහු පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයෙකු නොව පොදු සමාජය වෙනුවෙන් අරගල කළඅයෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ හැටියට සලකනු ලබන  එක්සත් ජනපදය ඒ කියනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පවත්වාගෙන යෑම කරනු ලබන්නේ දෙබිඩි ස්වරූපයකිනි.විකිලීකස් අනාවරණයෙන් පෙනී යන්නේ එක්සත් ජනපදය ප‍්‍රසිද්ධියේ අතට අත දී අප‍්‍රසිද්ධියේ ගෙල මිරිකන හැටි  ලෝකයාට තේරුම් ගත හැකිය. එසේ ගත් කළ විකිලීක්ස් අනාවරණයනක් ලොකුම අනාවරණය කර ඇත්තේ එක්සත් ජනපදයේ දෙබිඩි පිළිවෙත ගැන නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී බැටළුවාගේ වේෂයෙන් පෙනී සිටින වධකයා ගැන ය.


No comments:

Post a Comment