Total Pageviews

Wednesday, July 1, 2015

ශ්‍රී ලංකාවේ කාපිරි ජනතාව 


ලංකාව යටත් විජිතයක් වශෙයන් පැවති කාලය තුළ ආර්ථික‍ මෙන්ම ජන සමාජෙය්ද නොයෙකුත් අන්දමේ විපර්යාසාත්මක බලපෑම් වලට ලක්විය.විජේසේකරයන් දක්වන ආකාරයට ලාංකිකයන් වරක් නොව සිය වරක් මිශ්‍ර පිරිසකි. මේ අනුව ලංකාව ජනාවාස වීමේ සිට නිදහස ලැබීම දක්වා වු කාලපරාසය තුළදී ජනවර්ගයන්ගෙන් මිශ වූ ජන සමාජයක් බවට පත්විය.  ‍ලාංකික සමාජය විවිධ ජන කණ්ඩායම රැසකින් සමන්විත වේ.සිංහල,ලංකා දවිඩ,වැදි,කින්නර‍ රොඩි,මුස්ලිම්,මලයි සහ රොඩි සහ බර්ගර් ආදි ලෙස විවිධ ජාතීන් වේ.මෙයින් පිටස්තර වූ මානව කණ්ඩායම් ලෙස කාපිරි,මුක්කර,පරවරු,කුරුවන් හා අහිකුණ්ටකයන් හැදින්විය හැකිය.මෙම ජනයා නැවතත් පහතරට,සිංහල,උඩරට සිංහල,ලංකා දවිඩ,ඉන්දියානු දවිඩ, ලංකා මුස්ලිම් සහ පෙරදිග මනුෂ්‍ය වර්ග ලෙසින් බෙදි යනු ලැබේ.මුළු රට පුරාම ‍මෙම ජනයා පැතිර සිටින්නේ ඒ ඒ වර්ග අනුව ඒ ඒ පළාත් වලය.
මේ අනුව ලංකාවේ කාපිරි ජනයා යනු සුළු ජන කොට්ඨාශයකි.කාපිරි ජනයා කාබේරි නමින්ද හදුන්වයි.කාපිරි පෘතුගිසි භාෂාවෙන් Cafre  යනුවෙන්ද ලන්දේසි භාෂාවෙන් Kaffer යනුවෙන්ද ඉංගිසි භාෂාවෙන් Kaffir යනුවෙන්ද හදුන්වයි. අපිකානු සම්භවයක් පවතින කාපිරි ජනයා ලාංකික සමාජය හා සම්බන්ධ  වූයේ‍් යටත් විජිතකරණය හරහාය.එනම් පෘතුගීසීන් විසින් ලංකාව යටත්  කර ගැනීමෙන් ඇතිවු පසු ප්‍රතිඵලයක් වශෙයනි.මෙම ජනයා පසු කාලීනව තම මව්රට බලා ගියද සිය කැමැත්තෙන් මෙහි ඉතිරි වු පිරිසෙන් පැවත එන පිරිස පුත්තලම සිරම්බිඅඩියේ ජීවත් වේ. කාපිරි සමාජෙය් පවතිනුයේ සරල පවුලකි.මුල් කාලෙය්දි මොවුන් විස්තාරික පවුලක්  ලෙසින් ජීවත් වි ඇත.අම්මා,තාත්තා,සීයා,ආච්චි,මාමා,නැන්දා ආදි ලෙස ඔවුන්ගේ පවුල සකස් විය,මෙසේ එක් වන පාරම්පරික උරුමයන් පරම්පරාව අතර ‍ලේ සබදතාවක් විවාහයට වඩා බලවත් වේ.ඥාතිත්වය පවුල හා බැදි පවතින්නකි. කාපිරි ජනයාගේ ඥාතිත්වය  උපතින්ම විවාහය මගින් තීරණය වේ.පීතෘ මූලික රටාවක් මෙම සමාජය තුළ දක්නට පවති.පරම්පරාව පහළට ගලා යන්නේද  පියා මූලික කරෙගනය.නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය විදහා දක්වන බොහෝ  දෑ කාපිරි කාන්තාව සතුය.කාපිරි වෙන්වු නෑ පරපුරක් මෙන්ම ඔවුන්ටම ආවේණික ඥාති පද මාලාවක් පවති.සිංහල ආභාසය ලැබීම නිසාම ඔවුන් නැන්දා,මාමා ආදි වචන භාවිත කළද ඔවුන්ගේ කාපිරි භාෂාවෙන්ද ඒ සදහා වචන පවති.
  ගෑමෝ/ආවෝ   - ආච්චි                                                    කුඤනි              -මස්සිනා
  ඉරුමම්              -මල්ලි                                                    ගෑම්ප්/අවුප්පා    -සීයා
   මසින්ති             -නැන්දා                                                  බුවා/බාජි           -අයියා
  ඉරුමා               -නංගි                                                        පයිනි                - මාමා
  මමපිකි              -පුංචි                                                        සුසි/චිච්චා          -අක්කා 
  මැයි                  -අම්මා                                                       පප්පිකි              -බාප්පා
නමුත්  මෙම ඥාති පද බොහෝමයක් ඔවුන් භාවිත නොකරයි.එයට හේතුව ඔවුන් නිතර සිංහල සමාජය හා ගැටෙන නිසාය.නමුත් කාපිරි ජනයා ඔවුන්ගේ නෑයන් අතර මෙම වචන භාවිත කරයි.කාපිරි ජනයා සමීප ඥාති සබදතා පැවැත්වීමට පියතාවයක් දක්වති.සිංහල වි වාහයන් සිදු නොවු පවුල් සම්බන්ධතාවය දැඩිය.කාපිරි ජනයාගේ විවාහය ළාබාල වියේදිම සලකා බලනු ලැබේ.බහුභාර්යා සේවනය ඔවුන් අතර  සිරිත් ස්වරූපයකින් පවති.කාපිරි මිනිසෙකුගේ භාර්යාවන් සංඛ්‍යාව මත රදා පවති.ලබා ගැනීමේ හැකියාව යනු පිරිමියා විසින් ගැහැනිය‍ගේ පාර්ශවයට ගවයින් සංඛ්‍යාවක් ලබාදි ඇය සරණ පාවා  ගැනිම සිදුවන බැවින් පුරුෂයා ලබා දෙන ගවයින් සංඛ්‍යාව මින් අදහස් වේ. මෙම ගෝතික සමාජෙය් භාර්යාවන් විසින් පවුලේ සියලු කටයුතු සිදු කෙර්.ගැහැනු දරුවෙකු තරුණ වයසට පත් වු අවධියේ සිට ඇය   වහලියක මෙසේ තම නිවෙස් දෛනික කටයුතු වලට සම්බන්ධ වේ.
මෙහිදි ගෘහස්ථ කටයුතු කීපදෙනකු අතර බෙදීයාමෙන් ඇතිවන  වෙහෙස අඩු කිරීමට බහු භාර්යා ජීවන රටාවට ඔවුන් අනුගත වීමක් දැකිය හැක. කාපිරී සමාජෙය් පිරිමියෙකු පළමුව ගෙන එනු ලබන පළමුවන භාර්යාවට උසස් තැනක් මෙන්ම විශේෂත්වයක්ද හිමි වේ. සාමාන්‍යයන් මෙසේ වූවත් තරුණ බව හා ශරීර ශක්තිය ඇති බිරිදක් නම්  පුරුෂයාගේ වැඩි අවධානය යොමු වේ. සිරම්බිඅඩිය කාපිරී ජනයා කිසිදුවිටක  බහුපුරුෂ හෝ  බහු භාර්යා විවාහයන් අනුමත නොකරයි.මුල්කාලය්දි මොවුන් බහුල ලෙසින්  මිශ වූයේ පෘතුගීසි ජනයා සමග වුවද සිරම්බිඅඩිය කාපීරි ජනයාගේ පැවැත්ම ඉංගිසි ජාතින් හා සම්බන්ධ වූවක් වෙයි.විවාහ වීමේදි මව් රටවලින් ගැහැනුන් ගෙන්වා ගත් අතර පසුව දෙමළ ජනයා සමගත් සිංහල ජනයා සමගත් අන්තර් විවාහයන් ඔස්සේ විවාහ වු බව පෙන්.සිරම්බිඅඩිය කාපිරී ජනයා‍ගේ විවාහය සිදුවීම මේ ආකාරයට වේ.  
පුත්තලම් ප‍දේශය තුළ ජීවත් වන කාපිරි ජනයා මුල් කාලෙය්දි ලුණු ලේවාය ආශිතව තම රැකියාව යෙදුණුපසු කාලෙය්දි බිතාන්‍ය රජෙයන් ලබා දුන් ජල පහසුකම් යටතේ වගා කටයුතු කළහ. එහෙත් ගොවිතැන් කටයුතු වලින් වැඩි අස්වැන්නක් නොලැබූ හෙයින් මෙම ජනයා විවිධ රැකියා කිරීමට පෙළඹුණි.කාපිරි ජනයාගෙන් වැඩි දෙනකු රැකියාවන් නොකරයි.රැකියා කරන පිරිසෙන් වැඩි පතිශතයක් කුලී වැඩ කරයි.රජයේ සේවයේ නියුතු කිසිවෙකු නොමැති අතර වෙළද අංශයේද යම් පිරිසක් නියුතු වේ. කාපිරි ජනතාවගේ සංගීතය පිළිබද සාකච්ඡා කිරීමේදී කාපිරි ජනයා සතු වූ විවිධ වූ රළු වූ සංගීත භාණ්ඩ කීපයක් පවතී.ඔවුන්ගේ සංගීතයේ මෙලඩියට වඩා රිදම් මගින් ආස්වාදයක් ලබයි.මොවුන් පියානෝව විවිධ ආකාර වූ  රීඩ් වාදන භාණ්ඩ භාවිත කරන අතර ඒවා රලු බටනලාවක හැඩය ගනී.ගෝතික මිනිසුන් බැටලුවන්ගේ ඇට බටනලා ලෙසද භාවිත කරයි.මේ සංගීතය ඉතාම  කටුක වේ. මෙය වාදනය කිරීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ මොවුන්ගේ  ප්‍රධාන සංගීත භාණ්ඩ ඉග්යුබු  ලෙස හදුන්වයි.මෙම ස්වෙද්ශිකයන්  සතුව නිමා  කළ නොහැකි ගීතිකා විශේෂයක් පවතී.



No comments:

Post a Comment