Total Pageviews

Tuesday, June 30, 2015

 ඔබ මගෙමයි ළදේ

අදුරු අහසක් තෙළිතුඩක් ගෙන
 සදු හිරු තරු සිත්තමක් කළ
සිත්තරාවිය ඔබ මගේ
පාළු හදකට නිබද පදවැල් පබැදු කිවිදිය
ඔබමයි මගේ
සිහිනයෙන් විත් මා අසල හිද
මා සැනසූ සුරගන මගේ
ආදරය නම් මියුරු ස්වරයේ
තනුව කියා දුන් සොදුරිය

ඔබ මගෙමයි ළදේ

මා මව්නි සදා...  
    
සසරේ පැතු විලසින්
සිහිනෙක දුටු දෙව් දූ
ඔබ වේ මා දිනිදු
මට පියාපතක සුව දුන්
දසමසක් කුස හොවා
රුහිරු කිරි කර පොවා
සෙනෙහසින් ළගම හිද       
ගුණදහම් කියා දී
මගෙ ලොව ජයගැබ කරා
යා යුතු මග විවර කළ
ස්නේහයේ උල්පත නුඹයි
ඔබේ සෙනේ පිරි නෙත් කෙවෙනි අතරින්
දකිමි ලොවක් මා මව්නි සදා....

වචන
කෙනෙක් සනසන
කෙනෙක් වනසන
ලොවක් තනන
ලොවක් බිදින
හුරුබුහුටි දැලිපිහියකි

වචන

Never be bad


The pain you have, I will heal,

anything you want, I can deal,


I can make you happy, I can make you sad.....


but anything you do will never be bad.....
නව මාධ්‍ය ව්‍යාප්තිය සහ දේශීය සිනමා කර්මාන්තයට එයින් සිදුවන බලපෑම

මුළු ලෝකයම ගෝලීයකරණයට හසුවීමත් සම`ග වර්තමාන ලෝකයම පොදු මාධ්‍ය සංස්කෘතියකට හසු වී හමාරය. කාලානුරූපීව මාධ්‍ය සංස්කෘතිය තුළ නව භෞතික සම්පත් රාශියක් සමාජයට එකතු වේ. පොත්පත් ,පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි මෙන්ම සිනමාව, වීඩියෝ පට, සංයුක්ත තැටි ආදි රැුසක් සමාජයට එක්විය. එමෙන්ම නව චර්යාධර්මයන්ද ජීවන රටාවේ වෙනස්කම් රැුසක්ද සිදු විය. මෙලෙස සමාජය නවීකරණය වෙමින් ඉදිරියට යාමත් සම`ග පාරම්පරිකව තොරතුරු හා විනෝදය ලබා ගැනීමේ ක‍්‍රමයන් වෙනුවට මාධ්‍ය භාවිත කරනු ලැබීය. උදාහරණ වශයෙන්

  • අතීතයේ විඩාව, කාන්සිය ම`ගහරවා ගැනීමට ගීත ගායනය වෙනුවට අද ජනමාධ්‍ය තුළින් නව ගීත ඇසීම. 
  • අතීතයේ අණබෙරකරුවන්ගෙන් දැනගත් තොරතුරු අද ජනමාධ්‍යයෙන් දැන ගැනීම.

ආදිය දැක්විය හැකිය. මේ අනුව මාධ්‍ය සංස්කෘතිය කෙරෙහි තාක්ෂණය බෙහෙවින් ඉවහල් විය. ප‍්‍රථමයෙන් පිටපත්කරණය ස`දහා මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීම ජනමාධ්‍යයේ මූලාරම්භයයි. ඉන්පසු පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව මෙන්ම රූපවාහිනිය බිහිවිය. අද වනවිට ලොවම ඒකාබද්ධ වූ නවමු තත්වය නව මාධ්‍යයයි. තාක්ෂණික දියුණුවේ අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලය ලෙස නව මාධ්‍යය බිහි වීම හැ`දින්විය හැකිය.
සිනමාව යනු සංස්කෘතිකමය මානව කෘතියක් මෙන්ම තවත් එක් විනෝදස්වාදය සපයන කලාත්මක මාධ්‍යයකි.
 සිනමාව ලොවට බිහිවීම යනු අහඹු සිද්ධියක් හෝ හදිසි සිද්ධියක් නොවේ. එය විවිධ නිර්මාණශීලි පර්යේෂකයන් විසින් දිගු කලක් තිස්සේ කරන ලද පර්යේෂණ වල ප‍්‍රතිඵලයකි. සිනමාවේ බිහිවීම නිසා ජන සමාජයේ රස වින්දනය පිළිබ`ද තිබූ සාම්ප‍්‍රදායික සීමාවන් බැහැර විය. එය ජනයාට අපූර්ව ආස්වාදයක් ලබා දෙන්නට සමත් විය. එපමණක් නොව සමාජයේ හැසිරීම් රටාව වෙනස් කිරීමට සිනමාවට හැකිවිය. මූලික වශයෙන්  සිනමාව තුළින් සිදු කරන්නේ නව සමාජ අර්ථකථනයකින් මානව සංජානනය ප‍්‍රසාරණය කිරීමකි.
ගතවී ගිය වකවානුව පුරාම විවිධාකාර හැඩගැසීම්වලට හා අර්ථ දැක්වීම්වලට බ`දුන් වූ චිත‍්‍රපටය වූ කලී මිනිසාගේ චින්තන ශක්්තිය තුළින් ගොඩන`ගා ගත් අපූර්ව වූත්, සුවිශේෂි වූත්, කලා නිර්මාණයක් ලෙසින් සැලකිය හැකිය. ආයාසයකින් තොරව මිනිස් මනස වෙතට සමීප වීමට ඇති හැකියාවත් අන් කලාවන්ට වඩා මිනිසා වෙත කළ හැකි බලපෑම චිත‍්‍රපටයේ වඩාත් ප‍්‍රබලය. චිත‍්‍රපටය යනු සජීවී කලා මාධ්‍යයක් වන හෙයින් අන් කලා මාධ්‍යයන් අභිබවා ඉස්මතු වී පෙනෙන ස්ථාවරයකට නිතැතින්ම පත්වේ.

තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක් ලෙස නව මාධ්‍ය බිහි වීමත් සම`ග විකල්ප රසවින්දන මාධ්‍ය රැුසක් වෙත පිවිසීමට මිනිසාට අවස්ථාව උදා වන්නට විය. එය සිනමා කර්මාන්තයට දැඩි අභියෝගයක් විය. නව මාධ්‍යයේ අපූර්ව සොයා ගැනීමක් වන අන්තර්ජාලය තුළින් අදවන විට ඉතා පහසුවෙන් චිත‍්‍රපට නැරඹීමට අවස්ථාව සැලසී ඇත. එමෙන්ම ඩිජිටල් සංගත තැටි ද වත්මන් සිනමාවට ප‍්‍රබල අර්බුදයකි. මෙලෙස ඉතා පහසු මිලට මෙන්ම නිවසේ සිටම චිත‍්‍රපට නැරඹීමට අවස්ථාව උදා හේතුවෙන් මිනිසුන් සිනමාශාලා වෙත යෑම බෙහෙවින් සීමා වී ඇති අතර මේ හේතුවෙන් සිනමාවේ ආර්ථිකය පටු වේ. අදවන විට අතේ ඇති ජංගම දුරකථනයෙන් වුවද චිත‍්‍රපටයක් නැරඹීමට හැකි තරම් තාක්ෂණය පුළුල් වී තිබේ.
නිර්මාණකරුවන් චිත‍්‍රපට නිෂ්පාදනයට යොමු වීම සීමා වීමත් කලාත්මක සිනමා කෘතියක් නිර්මාණයට වඩා වානිජ පරමාර්ථයන් මුදුන්පත් කරගනිමින් චිත‍්‍රපට නිර්මාණය කෙරෙහි බොහෝ කලාකරුවන් පෙළඹී සිටී. ලාංකික සිනමාවේ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ විද්‍යුත් තාක්ෂණික මෙවලම් පාරිභෝගිකයා අතට පත් වීමට පෙර සිනමාව වැජඹුණු ස්ථානය කරා නැවත ළ`ගා වීම ඉතා අපහසු කාර්යයකි. සිනමාව බහුජන මාධ්‍යය අතර තවත් එක් විකල්ප මාධ්‍යයක් බවට පරිවර්තනය වී අවසන්ය.  එබැවින් ශීඝ‍්‍රයෙන්  ව්‍යාප්ත වන නව මාධ්‍ය හමුවේ සිනමා කර්මාන්තය ආර්ථික වශයෙන් රැුකගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

මෙයද ජීවිතය...

ආ මග විෂමය
මංමුලා වීම සුලබය
විටෙක තනිව හඩයි
විටෙක තනිව සිනාසෙයි
දුක, සතුට, කිත්, පැසසුම්
අපහාස අවලාද 
අටලෝ දහම නිති පෙරළෙයි...
එකෙකු පරයා තවකෙකු ඉහළ යෑමට ද`ගලයි
ඊර්ෂ්‍යා ක්‍රෝධයෙන් සැම තැන ගිනි ගනී
එහෙත් සියල්ලටම අමතක එකම දෙය නම්
දිනෙක මේ සියල්ල දමා හිස් දෑතින් 
මෙමිහිමතට පස් වන බවයි..

Monday, June 29, 2015

ස්ත‍්‍රී

ගැහැනියකගේ ජීවිතය හරිම පරපෝෂිත එකක්.
සීමා මායිම් දාලා බැදලා තියන ජීවිතෙන් නිදහස්ව
ජීවිතේ ලස්සන දකින්න ඔවුන් ආසයි...
යටහත් පහත් බව ගැහැනුන්ට තිබිය යුතුයිලූ !   
ඒක සමාජය විසින් ගැහැනුන්ට 
එන්නත් කරන ලද ඉංජක්ෂන් එකක් වගේ
පොඩි කාලේ දෙමාපියන්, 
තරුණ කාලේ පෙම්වතා,
විවාහ වූ පසු සැමියා,
අන්තිමට වදාපු දරුවන්ට,
මෙහෙම එයාලා මුළු ජීවිත කාලයේම කාට හෝ යටත් වෙලා
ජීවිතේ රස හොයන්න උත්සහ කරනවා
ඒක හරියට ලූණු නැති හොද්දක ලූණු බලනවා වගේ වැඩක්...



Wednesday, June 17, 2015

ලාංකික ගෘහ නිර්මාණ කලාව
ගෘහ නිර්මාණ ශිල්පය හෙවත් වාස්තු විද්‍යාව වූ කලී ඉතා සංකීර්ණ වූද පුළුල් වූද විෂය ධාරාවකි. ගෘහ නිර්මාණකරණය සරල අයුරින් විග‍්‍රහ කළහොත් සැබවින්ම එය මතුවන ගැටළුවක් ස`දහා පිළිතුරු සැපයීමක් වැනිය.මතුවන සැබෑ ගැටළුව හ`දුනා ගැනීම නිර්මාණකරණයේ මූලික, ප‍්‍රථම පියවර වන අතර එය නිර්මාණකරණ ක‍්‍රියාවලියේ අපහසුම කාර්යය වන්නේය.
එය එසේ වන්නේ ගෘහ නිර්මාණයක් වූ කලී හුදෙක් සරල නිපැයුමක් නොවන්නාවූ අධි කලා කෘතියක්ද නොවන්නාවූ, කලා කෘතියක් හෙයිනි. එනම් ගොඩනැ`ගිල්ලක්, ගෘහ නිර්මාණකරණයක් නැතහොත් කලා කෘතියක් ලෙස එළි දැක්වීම, මේ මහා විශාල ක‍්‍රියාදාමයේ ගෘහ නිර්මාණ ශිල්පියා සතු කාර්ය භාර්යයි.
ප‍්‍රථම හෙවත් ආරම්භක පියවර ලෙස නිවැරදි ප‍්‍රශ්න හ`දුනා ගැනීම යැයි ඉහත ස`දහන් කරන ලදි. එය ගෘහ නිර්මාණ ශිල්පියාගේ දැක්ම නොහොත් දර්ශනය මත සිදුවන්නකි. එනම් එකම නිර්මාණකරණයක් ස`දහා විවිධ ගෘහ නිර්මාණ ශිල්පීන් දරන මත විවිධ වන අතර ඔවුන්ගෙන් මතුවන ගැටළුද විවිධ වන්නේය.
එහෙයින් ශිල්පියාගෙන් ශිල්පියාට ගෘහ නිර්මාණයන් විවිධ වෙයි. එනම් ගෘහ නිර්මාණකරණයන් ගෘහනිර්මාණ ශිල්පියා මත අනන්‍ය වන අතර ශිල්පියාට ආවේණික වූ ලක්ෂණයන්ගෙන් යුක්ත වන්නේය.(මෙය විග‍්‍රහ කිරිමේදී ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීහු මත දෙකක් දරති. ඉන් එකක් නම් ගෘහ නිර්මාණ ශිල්පයක් එම ශිල්පියාටම අනන්‍ය විය යුතුය යන්නයි. අනෙක නම් එය එසේ සිදු වීම අත්‍යවශ්‍ය නොවන බවයි.*
නිර්මාණකරණයේදි ශිල්පියා විසින් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි. කිසියම් නිර්මාණකරුවෙකුට එම කරුණු නොසලකා හැර නිර්මාණකරණයේ නියැලිය නොහැකිය.මක් නිසාද ය් ගෘහ නිර්මාණකරණයක් වූ කලී හුදෙක් රස වි`දීමට පමණක් නිපැයූ ප‍්‍රතිමාවක් නොවන හෙයිනි.
ගෘහ නිර්මාණයේදී නිර්මාණයට අදාලව ශිල්පියා විසින් අවධානය යොමු කළ යුතු සාධක නම් සමාජීය, පාරීසරික, විද්‍යාත්මක, දේශගුණික, ප‍්‍රායෝගික, කාර්යාත්මක, ව්‍යුහමය, භෞතික හා මානසික යනාදියයි.මෙම සාධකයන්ට උචිත පරිදි ගෘහ නිර්මාණකරණයේලා නිරත විය යුතුය.
1920 ගණන්වලට පසු ව්‍යාපාරික ක්ෂේත‍්‍ර ඔස්සේ කඩිනමින් ධනවත් වූ ප‍්‍රභූන් තම ඉංග‍්‍රීසි පාලකයන්ගේ යටත් විජිත නිවාස සම්ප‍්‍රදායෙන් අනුකරණය කරන ලද නිවාස කොළඹ නගරයේ සහ ඔවුන් කේන්ද්‍ර වූ ප‍්‍රාදේශීය නගරවල බහුලව දැකිය හැකිය.මින් ඇතැම් නිවාස ඔහුන් එංගලන්ත සංචාරයෙන් අත්දුටු මැනර් හවුස් :ඵ්බදර ්‍යදමිැ* මාදිලියේ ප‍්‍රභූ නිවාස නිර්මාණය වීම සුවිශේෂිය.
 මීට අමතරව මධ්‍යම සමාජ ස්ථරයේ ජනතාව තම පාරම්පරික නිවාස උරුමයන් හා ඉහත ස`දහන් යුරෝපීය මාදිලි ලක්ෂණ සම්මිශ‍්‍රිත දෙමුහුම් නිවාස පරිහරණය කරන්නට මේ යුගයේදී පෙළඹුණි. බි‍්‍රතාන්‍ය විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සියවස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ වැඩවසම් ක‍්‍රමය බි`ද වැටී වේගවත් නාගරීකරණයත් සම`ග නිවාසයන්හි කැපී පෙනෙන විපර්යාසයක් ඇති විය.කෙසේ වෙතත් දේශීය අංග ලක්ෂණද ඇතුළත් කරගෙන ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට කෘත‍්‍රිම අමුද්‍රව්‍ය හා දේශීය දේ වෙනුවට විදේශීය ආනයනය කරන ලද දේ යොදා ගන්නා ලදි. දේශීය දැව වෙනුවට බුරුමය වැනි රටවලින් ගෙන්වන ලද තේක්ක මෙන්ම බි‍්‍රතින්‍යයෙන් ආනයනික සාදන කාමර උපකරණද මීට උදාහරණ වේ.
බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවත් දේශීය ප‍්‍රභූ හා මධ්‍යම ස්ථරයේ නිවාස යුරෝපීය බලපෑමේ ආභාසයට යටත් විය.පශ්චාත් නිදහස් යුගයේ ප‍්‍රධානතම ප‍්‍රභූ නිවාස ශෛලිය ලෙස පී.ඩබ්.ඞී.නිවාස :ඡුගඋගෘ ිඑහකැ* ඉංග‍්‍රීසීන් විසින් අනුබද්ධිත ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ හේතුවාදය මත පදනම් වූ පිරිවැය ඵලදායි පිළියමකි. ඇතැම් නිවාස අලංකරණය ස`දහා දේශීය පාරම්පරික මෝස්තර රටා මෙන්ම යුරෝපීය සම්භවයක් සහිත ආර්ට් ඩෙකෝර් : ්රඑ ාැජදර* වැනි ශෛලීන්ද යොදා ගැනුණි. 1505 පෘතුගී‍්‍රසීන්ගේ ලංකාගමනයත් සම`ග අනතුරුව පැමිණි ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතීන් නිසා මෙරට සංස්කෘතිය විශාල වශයෙන් විපර්යාස රැුසකට ලක් විය. කලාව, ආගම, භාෂාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ මෙකී සියලූ අංගයන් යටතවිජිතකරණයත් සම`ග වෙනස් විය. ඇතැම් නවාංග එක් වූ අතර  පැවති අංගයන් විනාශ වූ අවස්්ථාද වේ.
කෙසේ වෙතත් ලාංකික ගෘහ නිර්මාණ පිළිබ`ද 1800 සිට 2000 දක්වා කාල පරාසය තුළ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එම කාල වකවානුවේ මෙරට ගෘහ නිර්මාණ කෙරෙහි දැඩි ලෙස යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලබා ඇති බවයි.
ඇතැම් විට බි‍්‍රතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ බල පරාක‍්‍රමය විදහා දැක්වීමට යුරෝපීය ගෘහ නිර්මාණ මෙරට නිර්මාණයන්ට යොදා ගෙන තිබේ. යටත්විජිතකරණයත් සම`ග වැඩවසම්වාදය බි`ද වැටුණු අතර විවෘත ආර්ථිකය තුළ බිහිවන ධනපති පන්තාය විසින් පශ්චාත් නිදහස් යුගයේ පවා යුරෝපීය ගෘහ නිර්මාණ අලංකාරය හා ගමේභීරත්වය පිළිබිඹු කිරීමට යොදා ගන්නා ලදි.
උදාහරණ ලෙස කොළඹ 07 ප‍්‍රදේශයේ නිවාස රැුසක් යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලබා ඇත. එම ප‍්‍රදේශයේ ඇති කාර්යාල, පැරණි ගොඩනැ`ගිලි බොහෝමයක් පාහේ යුරෝපීය ආභාසය අනුව නිර්මාණය වී තිබේ. මේ අනුව මෙම අධ්‍යයනය තුළින් විග‍්‍රහ කරනුයේ යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය ලාංකික ගෘහ නිර්මාණකරණයේලා බලපෑවේ කෙසේද, යුරෝපීය ආභාසය ලැබූ ගෘහ නිර්මාණ මොනවාද හා ඉන් ගෘහ නිර්මාණ කිහිපයක් පිළිබ`දව මෙහිදි විස්තරාත්මකව කරුණු ගෙන හැර දක්වයි
ලෙව්කොක් ඇතුළු පිරිසට අනුව බි‍්‍රතාන්‍ය වකවානුවේ දිවයිනේ ඉදිකරන ලද ගොඩනැ`ගිලි ගෘහ නිර්මාණ ශිල්පීය ශෛලීන්ට අනුව අවධි 03 කට වෙන් කළ හැකි අතර මෙම මතය ප‍්‍රභූ නිවස කෙරෙහිද නිවැරදි වේ. මුල් බි‍්‍රතාන්‍ය යුගයේදී දිවයිනේ පාලනය ගැන වූ අවිනිශ්චිතතාවය නිසා පෙර ලන්දේසි සම්ප‍්‍රදායන් එ් අයුරින්ම පවත්වාගනු ලැබූවත්  19 වන ශතවර්ෂයේ මුල් භාගය වන විට ඉන්දියානු අර්ධද්වීපයේ ඇති වූ දේශපාලන ආධිපත්‍ය සහ එම සියවසේ මැද භාගය වන විට වතු ආර්ථිකයේ ප‍්‍රතිලාභ ලැබීමත් සම`ග බංගලාව ඉංග‍්‍රීසි පාලකයන් විසින් ලංකාවට හ`දුන්වා දෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.
බංගලාවේ බිහිවීම හා අන්තතර්ජාතික ව්‍යාපෘති පිළිබ`ද මැනවින් කරුණු ඉදිරිපත් කරන විද්වතෙකු වන ඇන්තනී.ඞී.කිංග් දක්වන්නේ දිවයිනේ පාරිසරික දේශපාලන හා සංස්කෘතික වාතාවරණයන්ට අනුව හැඩ ගැසෙන බංගලාව 20 වන සියවස මුල් භාගය වන විට ප‍්‍රමාණයෙන්, අලංකෘතභාවයෙන් හා සැපපහසු බව අතින්ද වැඩි දියුණු වන්නේ තවදුරටත් යුරෝපයෙන් ආනයනය කරන ලද සම්භාව්‍ය ගෘහ නිර්මාණ අංග ලක්ෂණයන් ඉස්මතු කරමිනි. තත්කාලීන යුරෝපයේ ශීඝ‍්‍ර වර්ධනය වෙමින් පැවති පාරිභෝජකත්වය, ධනවාදය ඔස්සේ ලාංකික ප‍්‍රභූන් කරාද මෙසේ ළ`ගා විය.